මම භාවිත කරන්නේ කංසාවලින් හදපු දත් බෙහෙතක්
රට සංවර්ධනය කිරීමට නිලධාරීන් ඉඩ නොදෙන බවත් කංසා යනු කර්මාන්තයක් බවත් ඒ හරහා විශාල ලෙස රැකියා බිහි කිරීමට හැකියාව ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවැසුවාය.
"මේ රට කන්නේ නිලධාරීන්. මේ රට සංවර්ධනය වෙන්න කවදාවත් නිලධාරීන් ඉඩ දෙන්නේ නෑ. ඒත් හැම නිලධාරියාම නෙමෙයි. රජයේ නිලධාරීන් රජයට විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරලා වැඩක් නෑ.
මේ මඩ වලට මම භය නෑ. මම නිලධාරීන්ට භයත් නෑ. මම කරන්න ඕන දේ පෙන්වලා තියෙනවා. මේක ඒ අය නැට්ටෙන් අල්ලගත්තට මට කමක් නෑ.
මේ අය නැට්ටෙන් අල්ලගෙන වටේ දුවනවා. කියන දේ තේරුම් අරගෙන නෑ. ඒකයි මේ ප්‍රශ්නෙට හේතුව. කියන්නේ දෙයක් ඒ අය කථා කරන්නේ වෙන දෙයක්.
මම කථා කළේ කංසා වවලා පිට රට යවන එක. මම කිව්වේ නෑ කංසා වවලා සුරුට්ටු හදලා, බීඩි හදලා පාරවල් දිගේ විකුණන්න කියලා මම කිව්වේ නෑ.
කාටවත් මේක දෙන්න කිව්වේ නෑ. මේක රටට ඩොලර් ගේන එක ක්‍රමයක්. මම කාටවත් බිබී ඇවිදින්නි කිව්වේ නෑ. ඕන තරම් මේක භාවිත කරන අය ඉන්නවා.
කංසා කියන දේ අපේ රටේ අවුරුදු 6000ක ඉතිහාසයක් තියෙන දෙයක්. කෑම වලට දාලා තියෙනවා. දුමක් විදිහටත් භාවිත කරලා තිබෙනවා.
මම මේකෙන් දකින්නේ කර්මාන්තයක්. මේ රටේ ලක්ෂ ගණනාවක් රැකියා බිහිකරන්න පුළුවන්. මේකෙන් කේක්, බිස්කට්, රූපලාවන්‍ය දේ ඇතුළු අපමණ දේවල් හදන්න පුළුවන්.
මම මේ දවස්වල පිටරටින් ගෙනල්ලා භාවිත කරනවා දත් බෙහෙතක්. මේකෙන් හදලා තියෙන්නේ. මෙකෙන් ගොඩක් නිෂ්පාදන හදන්න පුළුවන්.
ළිං මැඩි මානසිකත්වයෙන් මිදුනේ නැත්නම් අපිට ගොඩ යන්න බෑ. සිස්ටම් චේන්ජ් එකක් දකිනවානම් ඒක තමන් තුලින් දකින්න පළමුවෙන්ම"
popular news
-
Isuru Tuesday, 03 January 2023 01:21 PM
Me gaani oka hodakata wenn ba geenna hadnne
Reply : 0 0
Muditha Tuesday, 03 January 2023 02:33 PM
Well Said . Most of the public servants are out dated . They just sit and waiting things to happen but disturbing due lack of global sense.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

